පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි බන්ධනාගාර රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කර තිබෙනවා.
මූලික අදියරේදී බන්ධනාගාර කිහිපයක පමණක් විශේෂ කාර්යය බළකා නිලධාරීන් රාජකාරී කටයුතු සිදුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් බන්ධනාගාර ආරක්ෂක කටයුතුවලින් ඉවත් කර තිබුනා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා කියා සිටියේ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරය සඳහා එම නිලධාරීන් යළි කැඳවා ඇති බවයි.
බන්ධනාගාර තුළ සිරකරුවන් සෝදිසි කිරීම සහ නිලධාරීන් සොදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්ට පැවරී ඇති වගකීම අතරට අයත්.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්