බන්ධනාගාරවල සිටින රැදවියන්ගෙන් ජනතාවට සිදුවන අකටයුතුකම් දැනුම්දීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් නව දුරකතන අංකයක් හදුන්වා දෙනු ලැබුවා.
0112 – 678 600 යන මෙම දුරකතන අංකය මගින් ජනතාවට යම් අපහසුතාවක් සිදුවන්නේ නම් ඒ පිළිබදව බන්ධනාගාරය වෙත දැනුම්දීමට සියලූ පහසුකම් සකසා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයක් ද පිහිටවනු ලැබ තිබෙනවා.
එමෙන්ම පසුගියදා බූස්ස බන්ධනාගාරයෙන් වාර්තා වූ සුඛෝපභෝගි ජීවිත ගත කරන රැදවියන් පිළිබදව ද වාර්තා වීමත් සමග ඒ පිළිබදව කඩිනම් පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන්ට දඩුවම් පැමිණවීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් බවද තුෂාර උපුල්දෙණිය මහතා අද පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත්කියා සිටියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ