බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවස්ථාව ලබා දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ සතියකට එක් වරක් එක් අයෙකුට පමණක් ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවයි.
එම පුද්ගලයාද බන්ධනාගාර ගත රැඳවියාගේ ළඟම ඥාතියෙකු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් නිරෝධායනයට ලක් කර ඇති රැඳවියන් දින 21 ක් යන තෙක් හමුවිය නොහැකියි.
තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ පිටතින් රැගෙන එන ආහාර පාන රැඳවියන්ට ලබාදීම තවදුරටත් තහනම් බවයි.
සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් ලබා දීමට අවස්ථාව සලසා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට