තමන් අග‍්‍රාමාත්‍ය තනතුර අතහැර නොයන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළ බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අද පැවති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් සහ පළාත් සභා මන්ත‍්‍රී සංසදය අතර සාකච්ඡාවකින් අනතුරුවයි අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ.
මේ වන විට රට තුළ බරපතල ආර්ථික අර්බුදයක් උද්ගතවී ඇති බවත් එයට වහාම පිළියම් සොයා ගැනීම සිය රජයේ කාර්ය බවත් අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තනතුරෙන් ඉවත් නොවන ලෙස මන්ත‍්‍රීවරුන් කළ ඉල්ලීම තමා පිළිගන්නා අතර තමන් තනතුර අත්හැර නොයන බවයි.



More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට