කල්ඉකුත් වන රියදුරු බලපත‍්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද දිනයෙන් ආරම්භ වී ජුනි මස 30 වනදායින් අවසන් වීමට නියමිත රියදුරු බලපත‍්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
තවද ජූලි මස 1වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් අවසන් නියමිත රියදුරු බලපත‍්‍රවල වලංගු කාලය කල්ඉකුත්වීමේ දිනයේ සිට මාස 03ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට