බලපත්‍රයක් නොමැතිව වැලි හා පස් ප්‍රවාහනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය අද වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
1992 අංක 33 දරණ පරිසර පනත ප්‍රකාරව පස් හා වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවත්, කැබිනට් පත්‍රිකාවක් මගින් එම බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇති බවට මතයක් ගොඩනැගී ඇත්තේ කරුණු වරදවා වටහා ගැනීමකින් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින් ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.
එය සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල වැඩබලන පොලිස්පතිවරයට එම නියෝගය සිදුකළ අතර පෙර පැවති ආකාරයෙන්ම වැලි හා පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බවත්, එය අවලංගු කිරීමක් නීත්‍යානුකූලව සිදුකර නොමැති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නා.
පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්