බලපිටියේ විහාරස්ථානයක විහාරාධිපති හිමිගෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධව නොර්ටන් බ්‍රිජ් පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර මොවුන් ලබන මස 02 දක්වා රිමාඩ් කර තිබෙනවා.
ඔහු ඇතුළු පිරිස (17) රාත්‍රී 7.00ට පමණ අදාළ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව පවසා එම විමර්ශනය නතර කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කර ඇත.
මේ අවස්ථාවේදී ගම්වාසීන් මෙම ස්ථානයට පැමිණ ඇති නිසා පොලිස් නිලධාරියා ඇතුළු පිරිස පළාගොස් තිබිණි. කෙසේවෙතත් පසුව පොලිසිය සිදුකළ විමර්ශනයක් අනුව බලපිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඊයේ ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්