අග්නිදිග ආසියාවේ බලය අල්ලා ගැනීමට හෝ අසල්වැසි කුඩා රටවල් බය ගන්වා බලය අල්ලා ගැනීමට හෝ චීනයේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි චීන ජනාධිපති ෂී ජින්පින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබේ.
චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ දකුණු චීන මුහුදේ චීනයත් කලාපීය සෙසු රටවල් අතරේ පවතින අර්බුදකාරී තත්ත්වයන් මුල්කොට ගනිමිනි. මෙසේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ දකුණු චීන මුහුදේ කුඩා දූපත්වලට චීනය ද අයිතිවාසිකම් කියන බැවිනි.
දකුණු චින මුහුදේ චීනය සමඟ අර්බුද පවතින චීනයේ අසල්වාසීන් වන්නේ පිලිපීනය, මැලේසියාව, භූතානය, වියට්නාමය සහ බෲනායි රාජ්‍යයයි.
චීනය අධිෂ්ඨානශීලීව ආධිපත්‍යවාදයට සහ බල දේශපාලනයට විරුද්ධ වන අතර, තම අසල්වැසියන් සමඟ මිත්‍ර සබඳතා පවත්වා ගැනීමටත්, කලාපය තුළ කල් පවතින සාමයක් ඇති කිරීමටත් සැමවිටම කැමැත්තෙන් පසුවන බවත් අසල්වාසීන්ට හිරිහැර කිරීමට උත්සාහ නොකරන බවත් යැයි ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙයි.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ