චීන මාදිලියෙන් යුත් නවීකරණය කේන්ද්‍ර කරගනිමින් බලවත් රටක් ගොඩනැංවීමටත්, ජාතියේ පුනර්ජීවනය සඳහාත් එක්සත් ව අරගලය කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා මේ බව පැවසුවේ, පසුගිය දා අදාළ ජාතික උසස් ආයතනවල නිලධාරීන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළ කාර්ය වාර්තාවන්ට සවන් දුන් අවස්ථාවේ දී ය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රෙගුලාසීන්ට අනුකූලව, එහි දේශපාලන කාර්යාංශ සාමාජිකයන්, මධ්‍යම කාරක සභා ලේකම් කාර්යාලයේ ලෙකම්වරුන් මෙන් ම ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ, රාජ්‍ය මණ්ඩලයේ සහ මහජන දේශපාලන උපදේශක සභා ජාතික කමිටුවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්, මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ උත්තරීතර මහජන පැමිණිලි නියාමන මණ්ඩලයේ කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරුන් වාර්ෂික ව මධ්‍යම කාරක සභාව හා මහලේකම්වරයා වෙත ලිඛිත අයුරින් සිය කාර්ය වාර්තාව ඉදිරිපත් කළ යුතු ය.
මෙවර කාර්ය වාර්තා අධීක්ෂණය කළ ෂී ජින්පිං මහතා වගකීම් හා යුතුකම් මැනවින් ඉටුකරන ලෙස එම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ