ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් වෙනස් කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරන බවය.
අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය.
ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදා හැරීමේ වියදම් සහ බදු මුදල් මිල මෙම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්