බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කළ නිවේදනය නිකුත්වීමෙන් පසු අද (11) උදෑසන සිට බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශවලට පුද්ගලයින් පැමිණ ඇත්නම් ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එලෙස පුද්ගලයින් පැමිණ ඇත්නම් සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.
මී අමතරව හෝටල්, නවාතැන් පොළවල් හිමිකරුවන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ, බස්නාහිර සිට යම් අයෙකු පැමිණෙන්නේ නම්, ඒ පිළිබඳ ළඟම පොලීසියට දැනුම් දෙන ලෙසයි.
ලබන 15 වනදා මධ්‍යම රාත්‍රී 12 තෙක් බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කෙරිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කලේ , බස්නාහිර පළාතට ඇතුළු වීමට බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් එලෙස පැමිණෙන පුද්ගලයින්ට යළි බස්නාහිරින් පිටව යා හැක්කේ, ඉරිදා දිනයෙන් පසුවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්