බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට(09) අලුයම පහට පමණ ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල් නිවාස සංකීර්ණ කිහිපයක් තවදුරටත් හුදකලා කර තිබීමට තීරණය කර ඇති බවයි.
එම පොලිස් බලප්‍රදේශයන් වන්නේ බොරැල්ල, වැල්ලම්පිටිය, දෙමටගොඩ, මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත සහ කෙසෙල්වත්ත යන පොලිස් බලප්‍රදේශයි.
තවදුරටත් හුදකලා කර තැබෙන මහල් නිවාස සංකීර්ණ වනුයේ මෙත්සඳ සෙවණ, මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන, සිරිසර උයන සහ එන්.එච්.එස්. නිවාස සංකීර්ණයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇළ, සපුගස්කන්ද යන ප්‍රදේශත් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශයද තවදුරටත් හුදකලා කර තැබෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහා නගර සභා සීමාව මෙන්ම කුලියාපිටිය පොලිස් වසමද තවදුරටත් හුදකලා කර තැබෙන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බවයි ඔහු කියා සිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්