අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව කොඩිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඒ සඳහා ජංගම ඇන්ටිජන් පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි.
බස් රථ ඇතුළු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් මගින් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂණ සිදු කරනවා.
එහිදී එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු වුනොත් අදාළ රථයේ සිටින සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන බව ද කියා සිටියා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි