බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා එම දිස්ත්‍රික්කවල අදාළ බලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් විමසීමට එකගතාවකට පැමිණ තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වන සිසුන් වෙනුවෙන් පමණක් බස්නාහිර පළාතේ පාසල් ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල්වල කටයුතු ක්‍රියාත්මක බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට පෙර නිසි සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ දැනට විවෘත කර ඇති පාසල්වලින් බහුතරයක නිසි සෞඛ්‍යාරක්ෂිත යාන්ත්‍රණයක් නොමැති බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට