බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැය 10ක් තුළ සිදුකළ මෙහෙයුමක දී වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් 1,019 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගය මත ඊයේ (06) උදෑසන 07 සිට පස්වරු 05 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම සිදුකර ඇත.
මෙහිදී අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 468ක්, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 70 ක් සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 393ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ