හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට සිට පාසල් විවෘතවීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ පාසල් 907 ක් එලෙස ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට ද හෙට සිට අවසර හිමිවී තිබෙනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ද හෙතෙම කියා සිටියා.
එමෙන්ම උපකාරක පන්ති මෙවර විභාග සඳහා පෙනී සිටින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්