කොරෝනා හමුවේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල සීමා ලිහිල් කිරීම සහ බස්නාහිර පළාතෙන් පිටවීමට ඇති සීමාසම්බන්ධයෙන් ලබන සදුදා තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ වසංගත රෝග ආවේක්ෂණ කටයුතුවලින් ලැබෙන ප්‍රතිඵල මත ඒ පිළිබඳ තීරණයකට එළඹෙන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හමුවක් සඳුදා කැඳවනු ඇති බව ද සඳහන්.
ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් තවදුරටත් එලසින්ම පවත්වාගෙන යාම ජනතාවගේ ප්‍රමුඛතම වගකීමක් බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරනය කළා.
කොවිඞ් අවදානම දිවයිනටම බලපැවැත්වෙන බැවින් මහජන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ විශේෂ පොලිස් කණ්ඩායම් විමර්ශනයක ද නිරත වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්