අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ වහාම දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව ලබන 09 වෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු කියා සිටියේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ලීසිං වාරික ගෙවීමට හෝ ආදායමක් නොමැතිව පාඩු ලබමින් ව්‍යාපාර කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු කියා සිටී.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ බස් කර්මාන්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබුන බවත් බස් සංගම් කළ යෝජනා වලට යහපත් ප්‍රතාචාර නොලැබීමෙන් බස් කර්මාන්තයට බරපතල අනතුරකට පත්ව ඇති බවද ඔහු පැවසීය.
පෞද්ගලික බස් රථ හිමියන්ට ගැටලුවක් ඇති බව පිළිගන්නා බලධාරීන් ඊට විසඳුම් නොදෙන්නේ නම් කළ හැකි එකම දේ ධාවනයෙන් ඉවත්වීම පමණක් බව ඔහු සඳහන් කළේය.
කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධාවනය වූ පෞද්ගලික බස්රථ 21000 සිට 12000 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්