ආසන මට්ටමට අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දී ඇත.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇත.
එමෙන්ම ආසන සංඛ්‍යාවෙන් සීයයට 50ක් පමණක් ( ආසනයක් හැර ආසනයක්) මගීන් රැගෙන යන මගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5ක් ද අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් අය කිරිමට අවසරය හිමිව ඇත.
මිට අමතරව අධි සුඛෝපභෝගී බස් සඳහා ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1ක් අය කළ හැක.











More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි