චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස්+ නායකයන්ගේ සංවාදයට එක් වෙයි.
රුසියාවේ Kazan ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී එහි දේශීය වේලාවෙන් අද (24) පෙරවරුවේ එම සංවාදය පැවැත්විණ. ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් “ගෝලීය දකුණේ බලවත් බලවේග එක්රැස් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් දේශනයක් පැවැත්වීය.
සාමය තහවුරු කිරීමෙන් පොදු ආරක්ෂාව ඉටු කිරීම, සංවර්ධනය පුනර්ජීවනය කිරීමෙන් විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කිරීම, එක්ව ශිෂ්ටාචාරයන් නැංවීමෙන් විවිධත්වයේ සමගිය ගොඩනැගීම ෂී ජින් පිං මහතා සිය දේශනයේදී ඉදිරිපත් කළේය.
ගෝලීය දකුණේ බලවේගවල සාමූහික නැගීම, ලෝකයේ විශාල වෙනස්කමක පැහැදිලි සලකුණක් බව ද ඔහු කීය. ගෝලීය දකුණේ රටවල් ඒකාබද්ධව නවීකරණයට පිවිසීම ලෝක ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් වන අතර, මානව ශිෂ්ටාචාර ක්‍රියාවලියේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
විවිධ රටවල් අතර මානව හා සංස්කෘතික හුවමාරු සහ රාජ්‍ය පාලනය පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ගෝලීය දකුණේ බුද්ධි මණ්ඩලවල සහයෝගීතා සංගමය පිහිටුවීමට චීනය පෙරමුණ ගනු ඇති බව ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සෑම විටම ගෝලීය දකුණ පිළිබඳව සැලකිලිමත් වන බවත්, බ්‍රික්ස් ව්‍යාපාරයට එක් වෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය වඩා වැඩි දකුණේ රටවලට සහාය දෙන බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි