බ්‍රික්ස් රටවල් ලෝක ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ශක්තියක් බවට පත්ව ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි.
රුසියාවේ මොස්කෞ හිදී ඊයේ (18) ආරම්භ වූ බ්‍රික්ස් රටවල වාණිජ්‍ය සාකච්ඡා මණ්ඩපයේ දී විශේෂ දේශනයක් සිදු කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
බ්‍රික්ස් රටවල් ගෝලීය ආර්ථිකයට ලබා දෙන දායකත්වය මේ වනවිට ජී7 කණ්ඩායමට සාපේක්ෂව ඉහළ අගයක් බව ද ව්ලැදිමීර් පුටින් මහතා පැවසීය.2024 වසරේ බ්‍රික්ස් රටවල සමස්ත දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ සාමාන්‍ය වර්ධන වේගය සියයට 4ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එය සියයට 1.7ක් වන ජී7 කණ්ඩායමේ අගයට හා සියයට 3.2ක වන ලෝකයේ සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වීම විශේෂත්වයකි. එමෙන්ම ඉදිරි අනාගතයේ දී බ්‍රික්ස් රටවල් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය වනු ඇති බව ද ව්ලැදිමීර් පුටින් මහතා වැඩිදුරටත් පවසා ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි