යුක්රේනයට ඩොලර් මිලියන 400 කට ආසන්න යුද ආධාර ලබා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ පත් කර ඇති බවයි.
යුක්රේනයට අඛණ්ඩ ආරක්ෂාවට සහය වීම සඳහා බ්‍රිතාන්‍ය මෙම පියවර ගෙන තිබෙන බවට වාර්තා වී තිබේ.
යුද ආධාර පැකේජයට ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ ඇතුළත් ය.
තව ද රේඩාර් පද්ධතියක් ඇතුළු යුද උපකරණ දහස් ගණනක් එම යුද ආධාර යටතේ යුක්රේනයට ලබා දෙනු ඇත.
යුක්රේන රජයෙන් කළ ඉල්ලීමකට අනුව, නැගෙනහිර යුක්රේනයේ සිවිල් වැසියන් ඉවත් කිරීමට අවශ්‍ය වන වාහන විශාල සංඛ්‍යාවක් ද බ්‍රිතාන්‍යයෙන් යවා තිබේ.
මේ අතර යුක්රේනයේ කියෙව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ද නැවත විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්