චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍යය ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින්, චීන පුරවැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ හොංකොං විශේෂ පරිපාලන රජයට චෝදනා කිරීම හෙළා දකී.
බ්‍රිතාන්‍ය පොලිසිය හොංකොං විශේෂ පරිපාලනයේ රහස් ඔත්තු ඒජන්සියට ආධාර සැපයූ බවට පවසමින් චීන පුරවැසියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පසුගිය දා නඩු පවරා තිබෙනවා
මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං හි කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය ප්‍රකාශ කරමිනුයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ