බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ශ්‍රීමත් පීටර් හීප් මහතා ‘ද ගාර්ඩියන්’ පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළේය.
උදව් අවශ්‍යම මොහොතක සිටින තම සහෝදර පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා බ්‍රිතාන්‍ය මීට වඩා වැඩි යමක් කළ යුතු බව ඔහු පැවසුවේය.
ශ්‍රී ලාංකිකයන් ආහාර හිඟය හේතුවෙන් කුසගින්නේ පෙළෙන බවත් ඖෂධ හිඟය සහ ඉන්ධන හිඟය හේතුවෙන් දුෂ්කරතා රාශියකට මුහුණපෑමට සිදුව ඇති බවත් ශ්‍රීමත් පීටර් හීප් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට කෙසේ පත් වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් වන ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමේදී බ්‍රිතාන්‍ය පෙරමුණ ගත යුතු බව ශ්‍රීමත් පීටර් හීප් මහතා සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර සහන ප්රයත්නයකට නායකත්වය දිය යුතු බවත් හැකිනම් පොදුරාජ්‍ය මණ්ඩලය හරහා හෝ එය ලබා දිය යුතු බවත් ඔහු පැවසුවේය.
බ්‍රිතාන්‍ය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මාර්ගයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව පැවසුවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ශ්‍රීමත් පීටර් හීප් මහතා අවධාරණය කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්