සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඞ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඞ්වික් බෝස්මන් පිළිකා රෝගයකින් මිය ගොස් තිබෙනවා.
43 හැවිරිදි වියේ පසුවූ ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පිළිකා රෝගය සුව කර ගැනීම සඳහා දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
2013 වසරේ බේස්බෝල් ශූර ජැකී රොබින්සන්ගේ චරිතයට පන පෙවීම හේතුවෙන් ප්‍රකට වූ චැඞ්වික් බෝස්මන් වඩාත් ජනප්‍රිය වූයේ 2018 වසරේ ඔහු රඟපෑ බ්ලැක් පැන්තර් චිත්‍රපටයෙන්.
බ්ලැක් පැන්තර් ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරුණු ප්‍රථම සුපිරි වීර චරිත චිත්‍රපටය වීමද විශේෂත්වයක්.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි