ගිණිකොණදිග බ්‍රසීලයේ, ෆර්නාස් විලේ සංචාරක බෝට්ටු කිහිපයක් මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් තවත් 20 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති අතර 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
සහන මෙහෙයුම් කණ්ඩායම් සඳහන් කළේ එක් බෝට්ටුවක් ගිලී ගොස් ඇති බවයි.
මිනාස් ජෙරායිස් කලාපයට දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කඳු බෑවුම් කඩා වැටීමේ අවදානමක් පවතින බවටයි බ්‍රසීල ආපදා කළමණාකරණ අංශ අනතුරු අඟවා ඇත්තේ.
More Stories
චීන-වියට්නාම හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් ඇරයුම්
චීන මාධ්‍ය සමූහය වියට්නාම රූපවාහිනිය ඇතුළු ආයතන තුනක් සමග සහයෝගීතා ලේඛනවලට අත්සන් තබයි
අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්