කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා.
එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ දෙවන වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේද බ්‍රසීලයෙන් වන අතර මෙම සතිය මුලදී රට තුළ මුළු ආසාදිත සංඛ්‍යාව මිලියන පහක් පසු කළා.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, මාර්තු මාසයේදී පළමු මරණය වාර්තා වූ දින සිට මේ දක්වා බ්‍රසීලයේ පුද්ගලයින් 150,198 ක් කෝවිඩ් රෝගයෙන් මියගොස් ඇති අතර පුද්ගලයින් 5,082,637 ක් මේ වන විට වෛරසය අසාදිතයින් වනවා.
දකුණු ඇමෙරිකා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන රට බ්‍රසීලය වන අතර එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් බ්‍රසීලය තුළ වයිරසය සීඝ්‍ර යෙන් ව්‍යාප්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි