බ්‍රිතාන්‍ය රජය මෙසේ එන්නත් ඇමතිවරයෙකු පත් කළේ නව කොරෝනා වෛරසයට එරෙහිව මිලියන සංඛ්‍යාත ජනතාවක් එන්නත් කිරීමට සූදානම් වන පසුබිමකය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ කොන්සර්වේටිව් දේශපාලඥයෙකු වන නදීම් සහාවි විසින් දශක ගණනාවක් තුළ රට තුළ සිදුකිරීමට යන විශාලතම එන්නත වැඩසටහන අධීක්ෂණය කරන බවය.
එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයා දැනට එන්නත් දෙකක් ආරක්ෂිත හා ඵලදායී දැයි තක්සේරු කරමින් සිටින අතර, එක් එන්නතක් ෆයිසර් සහ බයෝටෙක් විසින් සංවර්ධනය කරනලද ෆයිසර් එන්නත වන අතර, අනෙක ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන ලද ඇස්ට්රොසෙන්කා එන්නතය.
එරට ව්‍යාපාර කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකුද වන සහාවි පවසා සිටියේ, තමා මෙම භූමිකාවට පත්කිරීම පිළිබඳව සතුටට පත්වන බවත්, රටේ ජනතාවගේ ජීවිත හා ජීවනෝපාය සුරැකීම සඳහා එන්නත් වැඩසටහන ඉක්මනින්ම දියත් කරන බවට සහතික වන බවද කියා සිටියේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි