බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා.
වයස අවුරුදු 5 ත් 11 ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම යටතේ පළමු වටයේදී තෝරාගත් කණ්ඩායම් කිහිපයක් පමණක් එන්නත්කරණයට ලක්කරන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
ඔවුන් සදහා වයිරසයට එරෙහි ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය හිමිවී තිබෙනවා. එම කණ්ඩායම් වලට එන්නත් ලබාදීම සාර්ථකව වුවහොත් ඉදිරියේදී අනෙකුත් සියලු දරුවන්ට ද වයිරසයට එරෙහි එන්නත් ලබාදෙන බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. එම දරුවන් සදහා වැඩිහිටියන්ට ලබාදෙන එන්නත් මාත්‍රාවේ ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් ලබාදීම විශේෂත්වයක්.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි