මාස තුනකට පසුව බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.
ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයන් 45,140 දෙනෙකු සහ නව මරණ 57 ක් වාර්තා වුණි.
ශීත ඍතුවට සූදානම් වෙමින් පවතින පසුබිමක ආසාදිතයන් නැවත ඉහළ යමින් පැවතීම විශේෂත්වයකි.
ජූලි මැද භාගයෙන් පසු වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මෙය වන අතර පසුගිය සතියට සාපේක්ෂව එය ආසාදිතයන්ගේ සියයට 30ක වැඩිවීමකි.
කෙසේ වෙතත් මරණ සියයට 61කින් පහත වැටී තිබේ.
සැප්තැම්බර් 15 වැනිදායින් පසු රෝහල්ගත වීමද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයිද සඳහන් වේ.
මේ අතර, කොවිඩ් අවදානම නොතකා ඉන්දියාවේ දුසේරා උත්සවය සැමරීමට කුල්ලු දිස්ත්‍රික්කයට බැතිමතුන් විශාල පිරිසක් එක්රොක් වී තිබේ.
එහිදී ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරය දැකගත හැකිවිය.
මේ උත්සව පැවැත්වෙන්නේ ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සම්පූර්ණයෙන් පාලනය වී නොමැති පසුබිමක වීම විශේෂත්වයකි.
කොවිඩ් වසංගතය මර්දනයට ලොව පුරා සාර්ථකව එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරතුර අමෙරිකාවේ මර්ක් ඖෂධ සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන කරල සඳහා ද දැනටමත් ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
එම කොවිඩ් මර්දන කරල ලබා ගැනීම සඳහා මේ වන විටත් වැඩිම ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ ආසියානු රටවලින් බව පැවසෙයි.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්