සසෙක්ස් හි ආදිපාදවරිය මේගන් මාර්කල් මෙවර ඇමරිකා එක්සත් ජනපද මැතිවරණය සදහා ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වෙව්.ඒ අනුව ඇමරිකානු මැතිවරණයකදී ඡන්දය ලබා දුන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ පළමු සාමාජිකාව බවට ඇය පත්වනවා.
39 හැවිරිදි රාජකීය ආදිපාදවරිය ඡන්දය ප්‍රකාශ කළ දිනය හා ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැහැ.
හැරී එක්සත් රාජධානියේ පුරවැසියෙකි බැවින් ඔහුට ඡන්දය ලබා දිය නොහැක.නමුත් ඇමරිකානු පුරවැසියෙකු වන මේගන් මෙවර ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කළ බවත් මැතිවරණය පිළිබඳ උනන්දුවෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේගන් මෙවර මැතිවරණයට පෙර, හිටපු ජනපති ආර්‍යාවක් වූ මිශෙල් ඔබාමා සමග දුරකථනය හරහා සම්බන්ධව තිබෙනවා .මිශෙල් ඔබාමා මෙම මැතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සදහා ප්‍රසිද්ධියේම සහාය ලබා දෙනවා.මේගන් කුමන අපේක්ෂකයාට සහාය දෙනවාදැයි ප්‍රසිද්ධියේම නොපැවසුව ද, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ඇය මීට පෙර විවේචනාත්මක ප්‍රකාශයන් කළ බව වාර්තා වනවා.
මේ අනුව ප්‍රජා රාජකාරියක් ඉටු කිරීමෙන් ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කළ, බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ පළමු සාමාජිකයා මේගන් ය.
-ධීරේ
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි