ණය ගෙවීම පැහැරහැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳව සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
අදාළ බලධාරියාගේ අනුමැතියකින් තොරව දේපල වෙන්දේසි කිරීමට නොහැකි වන පරිදි පවතින අණපනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අගමැතිවරයා පෙන්වා දී තිබෙනවා.
කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (15) මුදල් අමාත්‍යංශයේ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හමුවේ පීඩාවටපත් කර්මාන්ත වෙනුවෙන් රජය විවිධ සහන ලබාදීමට කටයුතු කළ ද ඇතැම් කර්මාන්තකරුවන් ඔවුන්ගේ ක්ෂේත්රයන්ට ම සුවිශේෂී වූ හේතූන් මත බැංකු ණය ගෙවා ගැනීමේ අපහසුතාවන්ට මුහුණ දී ඇති බවද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි දී කියා සිටියා.
ඔවුන් වෙනුවෙන් යම් සුවිශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.
ණය ගෙවා ගත නොහැකිවීම හේතුවෙන් ඇතැම් කර්මාන්ත සතු දේපල බැංකු මගින් වෙන්දේසි කිරීමට සූදානම් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.
බැංකු මගින් දේපල වෙන්දේසි කිරීමේ ක්‍රමවේදය යම් සංශෝධනයකට ලක් කළ යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළා.
බැංකු සහ ණයකරුවන් යන දෙපාර්ශවය වෙනුවට මෙවැනි අවස්ථාවක මැදිහත්වීමක් කළ හැකි තුන් වැනි පාර්ශවයක අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නා.
එවැනි අවස්ථාවකට මැදිහත්වීම සඳහා නිසි බලතල සහිත ඔම්බුඩ්ස්මන්වරයෙකුගේ අවශ්‍යතාව අවධාරණය කළ මහින්ද රාජපක්ෂ මහතා, ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරන ලෙස ද බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්