පසුගිය රනිල් + මෛත්‍රි පාලස සමයේ සිදු වූ සුප්‍රසිද්ධ බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් එවකට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් මුදල් ලබාගෙන ඇති බවත් වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රෙම්දාසටද ඉන් මුදල් ලැබී ඇති බවත් දූෂණ වීරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අද (03) අනාවරණය කළේය.
ඒ “රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව” යනුවෙන්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්‍රධානත්ව වංචා දූෂණවලට සම්බන්ධ දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ නිලධාරීන් සම්බන්ධ ලිපිගොනු හෙළිදරව් කිරීම අවස්ථාවේදීය.
එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසමේ පිටු 106ක වාර්තාවක් තවමත් සඟවාගෙන සිටින බවත් එය එළියට දාන ලෙස වත්මන් ජනාධිපතිවරයා සිව් වතාවක් ලිඛිතව දන්වා ඇති නමුත් මෙතෙක් එම වාර්තාව නිදහස් කර නැතැයිද එහිදී දූෂණ වීරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය. එම පිටු 106 තුළ බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් රුපියල් මිලියන 3,250ක් බෙදාගත් අයගේ විස්තර එහි ඇති බවත් ඉන් රෝසි සේනානායක සම දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේ අහුවුන බවත් එමෙන්ම ප්‍රසිධියට පත් නොවුණු උක්ත පිටු 106තුළ නම් ඇති අය අතර එකවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 25දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 52ක් සිටින බවත් එසේ මුදල් ලබාගෙන ඇති අය අතර වර්තමාන විපක්ෂනායකවරයාගේ නමද තිබෙන බවත් එහිදී ඔහු අවධාරණය කළේය.
එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ දුව, බෑනා සහ පුතා ඇතුළු එම පවුලේ සියලුම දෙනාම බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් ලබාගෙන ඇතැයිද එහිදී දූෂණ වීරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළිදරව් කළේය.
එවකට මුදල් ඇමති රවී කරුණානායකගේ සම්බන්ධය මේ වනවිටත් හෙළි වී ඇති බවත් ඔහුට එරෙහිව පැමිණිලි 04ක් පනවා ඇති බවත් නඩු දෙකක් විභාගවෙමින් තිබෙන බවත් ඔහු පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්