ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසම වෙත පැමිණ එම ඉල්ලීම භාර දී තිබෙන අතර එළෙඹෙන 08 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අබව කාරියවසම් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.
හෙට දිනයේදී මැතිවරණ කොමිසම රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ පාර්ශවයේ ඉතා හිතෛෂීවන්තයෙකු වන ජයන්ත කැටගොඩ මහතා අද සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව දීමට ඔහුද මැතිවරණ කොමිසම වෙත පැමිණ සිටියේය.
එහිදී ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අවසානයේ බෙල්ල දීමට සිදුවූයේ ඔබට නේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් කැටගොඩ මහතා පැවසුවේ එවැන්නක් සිදු නොවණු අතර පසුගිය මාස 10ක පමණ කාලය තුළම බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස පක්ෂය තුළින්ම විශාල පීඩනයක් එල්ල කළ බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්