හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 10 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ නියම කළේ ය.
නඩුව පවරා ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැය කර ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවි නැගුම ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේයි.
2, 3, 4, හා 6 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂී දීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා නොතීසී නිකුත් කිරීමට ද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහිදී නියෝග කළේ ය.
මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට එරෙහිව බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සමක් ගොනුකර ඇති බවත් එකී පෙත්සම ලබන නොවැම්බර් 12 වැනිදා කැඳවීමට දින නියම කර ඇති බවත්, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, පවතින අභියාචනා පෙත්සම මේ වන විට ඇත්තේ වගඋත්තරකරුවන්ට නොතීසී නිකුත් කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමේ මට්ටමකයි.
ඒ හේතුවෙන් මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට දින නියම කිරීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්