හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ තවත් විදෙස් ගමන් තහනමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(07) ඉවත් කරනු ලැබුවා.
මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකහමාරක පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ මොහුට විරුද්ධව නඩු පවරා තිබුණා.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට අදාළව පනවා තිබූ විදෙස් ගමන් තහනමක් පසුගිය 23 වනදා ඉවත් කරනු ලැබුවා.
ඒ 2015 ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු ඇතුළු නිවාස උපකරණ බෙදා දෙමින් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහණය යන චෝදනාව යටතේ ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව