බිරිඳක විසින් කළ පහරදීමකින් සැමියෙකු මියගොස් ඇති බව කුරුවිට පොලීසිය පවසනවා.
කැන්දලන්ද ප්‍රදේශයේ කාන්තාවක විසින් පොරවකින් පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ මියගොස් තිබෙනවා.
34 හැවිරිදි මරණකරු – බීමත්ව පැමිණ නිරන්තරයෙන් බිරිඳට පහරදීම් සිදුකර ඇති බවටයි විමර්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
දරුවන් දෙදෙනාද සමඟ බොහෝ දිනවලදී තමන් අසල්වාසීන්ගේ නිවෙස්වල සැඟව සිට ඇති බව ඇය පොලීසියට පවසා තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් 31 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගත් බවයි කුරුවිට පොලීසිය සඳහන් කළේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට