ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම අත්වැරැදීමක් බව ඇමරිකාව පිළිගෙන තිබේ.
පසුගිය 29 වැනිදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එම ප්‍රහාරය එල්ලකර තිබුණි.
අයිඑස් ත්‍රස්ත ඉලක්කයක් බවට හඳුනාගනිමින් එම ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකානු බලධාරීන් මුලින් පැවසීය.
ප්‍රහාරය මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ අතර එහිදී සහන සේවකයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මියගිය පිරිස අතර අදාළ සහන සේවකයාගේ දෙහැවිරිදි දියණිය ද ඇතුළු දරුවන් 07 දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ