බීමතින් රිය පැදවීම ඇතුලු රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම් අද රාත්‍රියේ සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.
ගතවු පැය 48 තුළදී රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 10 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.
විවිධ ආලෝක රටා සහ ශබ්ද සහිතව ධාවනය කරන රථ වාහන සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වන බවයි හෙතෙම සදහන් කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි