බුදුරජාණන් වහන්සේට අපහාසයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින ශ්රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු එම සංවිධානය ක්රියාකාරින් 06 දෙනෙකු සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්රියාමාර්ගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියා.
එම පැමිණිල්ල අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින අබ්දුල් රාසික් ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තා උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
නිතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද එම කොට්ඨාසය අධිකරණය දන්වා සිටියා.
ඒ අනුව මිණිල්ල නැවත නොවැම්බර් මස 27 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් යොමු කිරීමටද නියම කලා.
2014 වසරේ මාලිගාවත්ත ප්රදේශයේ පැවති රැස්වීමක දී අදහස් දැක් වූ ශ්රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතා බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක වන ආකාරයෙන් ප්රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්