කොවිඩ් මළසිරුරු භූමදානය මගින් වෛරසය පැතිරෙන බවට මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසන උපකල්පන සහ කාලි මෑණියන් සිහිනෙන් පෙනී සිටිමින් ඇතැමුන්ට පැවසුවාය කියන කරුණු යන දෙකම එකවැනි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා ලොකුවටම කෑගැහුවෙ මහාචාර්ය මෙත්තිකා විතානගේ කියලා කෙනෙක් ගෙන්නාගෙන. එයා වෛරස් පිළිබඳ විශේෂඥයෙක් නෙවෙයි, එයා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෙක් නෙවෙයි, එයා භූවිද්‍යාව පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක්. එතකොට එයාව ගෙනල්ලා මේකෙන් පසට වෛරස් එකතුවෙනවා කියලා ලොකූ ඝෝෂාවක් කළා මාධ්‍ය වලින්, නමුත් ඇත්තටම මේ සම්බන්ධ විද්වතුන් උදාහරණයක් විදියට මහාචාර්ය මලික් පීරිස් – වෛරස් විද්‍යාව පිළිබඳ ලංකාවට ඉන්න හොඳම විද්වතෙක් – ඔහුගෙ මතයට කිසිම ඉඩක් මාධ්‍යවල දුන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ඔවුන්ගෙ මතයන් මේවායෙ ගියෙ නෑ.
ප්‍රශ්නෙ තියෙන්නෙ විෂයට අදාළ නැති කෙනෙක් ඇවිල්ලා උපකල්පන කියනවා, පස්සෙ ඇයම පිළිඅරන් තිබුණා අර ඩෙන්මාර්කයේ මුගටියො සම්බන්ධව කියපු කතාව කිසිදු සාක්ෂියක් නොමැතිව ඇයගේ උපකල්පන මත පදනම් වෙච්ච එකක් කියලා. ඒ නිසා ඔය කියන උපකල්පනයි කාලි මෑණියො හීනෙන් ඇවිල්ලා කියනවා කියන ඒවායි අතර ලොකු වෙනසක් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ කාලි මෑණියො හීනෙන් ඇවිල්ලා කියනවා කියන එක පිළිගන්න අකමැති කට්ටියත් මේ මහාචාර්යවරියක් ඇවිල්ලා එයාගෙ ෆැන්ටසි, එයාගෙ උපකල්පන, එයාගෙ කල්පිත ඉදිරිපත් කරද්දි ඒවා පිළිගන්නවා.
පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්