බුරවි සුළි කුණාටු ශ්‍රී ලංකාවට අද රාත්‍රීයේ දී ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව මේ වනවිට නැගෙනහිර වෙරළට කිලෝමීටර් 110ක් ආසන්නයෙන් ස්ථානගතව තිබෙන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, සුළි කුණාටුව අද රාත්‍රී 7ත් 10ත් අතර කාලයේදී ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව දිවයිනට ඇතුළුවිය හැකි බවයි.
බුරවි සුළි කුණාටුව හෙට උදෑසන වනවිට මන්නාරම් බොක්ක වෙත ළඟා වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුව හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි බැවින් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක් ද පවති.
මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පැයට කිලෝමීටර් 80 ත් 100 ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 200 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලටද මිලිමීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනට මුහුදු ගොස් ඇති කණ්ඩායම් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ඇත.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්