‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය ප්‍රදේශයට දිවයිනේ ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය ලැබී තියෙනවා.
ඒ ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 226.4 ක වර්ෂාපතනයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන කියා සිටිනවා.
ආලම්පිඩ්ඩි සහ ඔඩ්ඩුසුඩාන් ප්රදේශවලටද මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
‘බුරවි’ සුළි කුණාටුව අද දහවල් වනවිට මන්නාරම් බොක්ක හරහා දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සමඟම සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බවට අපේක්ෂා කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට එහිදී මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්