දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති, කඩා දැමූ කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර තිබෙනවා.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියාසිටියේ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද උපදෙස් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළා.
කෙසේවෙතත් එම කටයුතු සිදුවන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ලබාදීමෙන් පසුව බවයි පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවා.
ඔවුන්ගේ වාර්තාව ඊයේ දිනට පෙර භාරදිය යුතු බවට දැනුම් දී තිබූ අතර, ආචාර්ය සෙනරත් දිසානායක මහතා සදහන් කළේ වාර්තාව ලබාදීම තවත් ප්‍රමාද වනු ඇති බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්