මොරටුව කටුබැද්ද ප්රදේශයේ බූරු පිටියක් වටලා වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයන් 9 දෙනකු (25 වැනිදා) රාත්රී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස කටුබැද්ද , මොරටුමුල්ල යන ප්රදේශයන්හි පදිංචිකරුවන් වේ. නිරෝධායන නීති කඩකරමින් දුරස්ථභාවය පවා මායිම් නොකර මුදල් ඔට්ටුවට මෙම බූරු පිටිය පවත්වාගෙන ගොස් ඇත.
මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති කමල් බණ්ඩාර , උප පොලිස් පරීක්ෂක දොඩංගොඩ, පොලිස් කොස්තාපල්වරුන් වන ධනුෂ්ක , රයන් , නිශාන්ත යන නිලධාරීන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ