අත්අඩංගුවට පත් මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා ලබන මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු අද (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්