බූස්ටර් එන්නත ලගටම ඇවිත් දෙයි

සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය .

ඇතැම් පිරිස් දෙවෙනි මාත්‍රාව ලබා නොගෙන මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ වෛද්‍යවරයා සමාජයේ පැතිර ඇති විවිධ මිථ්‍යා මත මීට බලපා ඇතැයිද ප්‍රකාශ කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com