අඩු පීඩන තත්ත්වයක් දකුණු දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි දින දෙක තුළ පීඩන අවපාතයක් බවට පරිවර්තනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර බස්නාහිර, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක පමණ තද වැසි ද ඇති විය හැකියි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට