තායිවාන බෙදුම්වාදීන්ගේ ක්‍රියා, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට විශාලතම විනාශකාරී සාධකය යැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පෙන්වා දෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(21) කසක්ස්ථාන Astana අගනගරයේ පැවති ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වෙමිනි.
තායිවාන ප්‍රශ්නය චීනයේ කෙන්ද්‍රීයම කරුණුවල හරය බව ද ඔහු පැවසීය. Lai Ching-te වැනි පුද්ගලයින් සිය ජාතිය හා මුතුන් මිත්තන් පාවා දීමේ ක්‍රියාවන් ඉතා පහත්ය. ඔවුන් කෙසේ උත්සාහ කළද චීනයේ සම්පූර්ණ එක්සත්වීමට බාධා කළ නොහැකිය. තායිවාන ප්‍රදේශය අවසානයේ මව්රටට නැවත පැමිණෙනු ඒකාන්තය.
විවිධ රටවල ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමෙහි එල්බ සිටිමින් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලධර්මය ද අනුගමනය කරන ශැන්හයි සහයෝගතා සංවිධානයේ සාමාජික රටවල්, එකම චීනය මූලධර්මයෙහි නියැළී සිටීම, ප්‍රශංසනීය බව ද වං යී මහතා අවධාරණය කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි