කොරෝනා ව්‍යාප්තිය හමුවේ සිය රට යළි වසා දමන බව බෙල්ජියම නිවේදනය කළා.
ඉකුත් සති දෙක තුළ බෙල්ජියමේ සෑම පුද්ගලයන් ලක්ෂයකගෙන්ම 1600 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.
යුරෝපයේ බෙල්ජියමට අමතරව මෙලෙස වසා දමා ඇත්තේ ප්‍රංශය සහ ජර්මනිය වන අතර පෝලන්තයට දැඩි කොරෝනා මර්දන නීති අනුගමනය කරන බව සඳහන්.
මේ හමුවේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වැනි ස්ථාන ලබන සඳුදා සිට දෙසැම්බර් මස මැද භාගය දක්වා වසා තබන ලෙස දැනුම් දී තිබෙනවා.
ප්‍රසිද්ධියේ හමුවීම පුද්ගලයන් හතරදෙනෙකුට පමණක් සීමා කර ඇති අතර සුපිරි වෙළෙඳසැල්වලට අලෙවි කළ හැක්කේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් වන අතර නිවෙස් වෙත යා හැක්කේ එක් අමුත්තකුට පමණයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි